ප්‍රවීණ මාධ්‍යවේදී මහින්ද අබේසුන්දරගේ දියණියට මරණීය තර්ජන !

කලකට පෙර නැසී ගිය ප්‍රවීණ සහ ජේෂ්ඨ මාධ්‍යවේදී මහින්ද අබේසුන්දර මහතා බොහෝදෙනා අතර කතාබහට ලක්වුණේ ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතමයෙකු වීම නිසයි.
ස්වාධීන රූපවහිනී ප්‍රවෘත්ති අග දිනපතා විකාශය වූ
විමසුම වෙනුවෙන් වසර ගණනාවක් පුරා පිටපත සැකසුවේද අබේසුන්දර මහතා වීම කාගේත් මතකයේ ඇති කාරණාවක්.

ඇගේ දියණිය වන චතුරාණී අබේසුන්දර දෙරණ රූපවාහිනියේ සාමාන්‍ය අධිකාරීවරිය ලෙස සේවය කරමින් සිටින අතර ඇය මෙරට බොහෝ ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය වූ දෙරණ ලිට්ල් ස්ටාර් රියැලිටි වැඩසටහන් මාලාව ඇතුළු බොහෝ රියැලිටි තරග වල අධ්‍යක්ෂකවරිය ලෙස කටයුතු කලා.
එලෙස රියැලිටි වැඩසටනක් වෙනුවෙන් ඉදිරිපත් වූ අයෙක් විසින් දේශපාලන බලය යොදාගනිමින් තමන් අවසන් වටය දක්වා තෝරාපත්කරන ලෙස චතුරාණී අබේසුන්දරට
අවස්තා කිහිපයකදී බලපෑම් කර ඇති අතර අවසානයේ ඇයට මරනීය තර්ජන එල්ල කර තිබෙනවා.
මහ මගදී කිහිප විටක් ලුහු බැදීම් ද සිදුකොට ඇති බවටද ඇය විසින් පවසා තිබුණා.

පසුගිය දා රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් ඇයගේ නිවසට ඇතුළු වී නිවසට දැඩි අලාභ හානි සිදුකර තිබූ අතර ඒ මොහොතේ නිවසේ රැදී සිට ඇත්තේ ඇයගේ මව පමණයි.
අදාල සිදුවීම සහ පහරදීම පිළිබද පොලීසියට දැනුම් නොදෙන ලෙස ඇයගේ මවට තරජනය කර තිබූ අතර අද ඇය මේ පිළිබදව සිය ෆේස්බුක් ගිණුමේ සංවේදී සටහනක් තබා තිබුණා.
පත්වී ඇති අසරණ තත්වය හමුවේ තවදුරටත් මාද්‍ය ක්ෂේත්‍රයේ රැදී නොසිටින බවත් ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වලින්ද ඈත්වන බව එහි සදහන්.

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*